Showing posts with label නායකත්ව පුහුණුවේ දේශණයක නිදි නැති මොහොතක...... Show all posts
Showing posts with label නායකත්ව පුහුණුවේ දේශණයක නිදි නැති මොහොතක...... Show all posts

Wednesday, February 6, 2013

සඳූට.....


කදු මුදුනේදී දුටු සදවත....
හඩයි විලාපෙන් ඔබ දැක....
එදා දුටු ඔබෙ වත....
තවත් හැඩවී පෙනේ මට තව...
ලගින් හිද සිනා සෙන විට....
අමතකලු මුලු ලොවම මට...
වෙන් වුවත් හෙට ඔබෙන් සමු ගෙන...
මතකෙ පවතී ඔබේ මුව වල.... ♥ — at white gate,diyathalawa.


Friday, February 1, 2013

මෙහෙමලු උනේ....


දගයෙකුගේ සිනා මුහුණ ...මත් කරලා අප සැම දෙන...
මුහුණ දෙපස සිනා සරින්...වල ගැහිලා CUTE වෙමින්...

වෙනදා මෙන් නොවේ මමත්...පාන්දරම නැගිට තුටින්...
P.T වෙත යන්නේ මමත්...වම දකුණත් කියා හඩින්....

AIR FORCE ඇදුම ඇදන්....ඉන්නා විට ඔබ දිනයක...
සිතුවෙමි මං බර වැඩිදැයි...ඔබ හට එම කුරිරු ඇදුම....

අය්යො මොන මල වදයද.....හවස අහස කරයි අදුරු...
තව දින පහකින් ඔබ හැර....යන්නේ කොහොමද සිත නැත මට....

කදවුරේදී දුටුවෙමි....


පෙරුම් පුරා පෙම් බැන්දා...
ඛණ්ඩයටම ගතු කියලා.....
දේශණ වල ඇය ඉදියා....
ඔබෙ රුව දැක ගන්න සිතා...
සියලු දෙනා නිදි කිරුවද...
ඇය  ඉදියා ඔහුව පතා....
මිතුරියනුත් උදව් කලා...
ඔහු තව තනිකඩය සිතා....
දැන ගත් විට පමා වෙලා....
ඔහු දැනටත් විවාහ වෙලා...... 

*** vs *******



3 වෙනියකුගේ ඇසින්....

        රුවැති මල් ගොඩක්....
        තරුණ බඹරෙකු වට.....
        අගර දගර....

        බඹර සිත ලග...
        කැලෑ මල හොරැහින්ම.....

බඹරාගේ ඇසින්....


        රුවැති මල් තිබුනාට...
        පැන පැන සුවද දුන්නාට....
        මගේ සිත ඔබ ගාව...
        හිතේ නැවතුන ගමේ පෙම් මල......