Showing posts with label අහිමි කරගත් පෙම... Show all posts
Showing posts with label අහිමි කරගත් පෙම... Show all posts

Friday, May 3, 2013

නොදැනුණු පෙමක්....අදත්, හෙටත්, එදත්.....


මහ මෙරක ආදරයයි....විරහවයි....
ඔබෙන් මට හිමි උනත්......


සොයුරු පෙමක් ලග මගේ හිත නැවතිලා...


කදුලු පුරන ඔය නෙතුයුග
නෙතු දියෙන් මා බොද කලා.....


ඔබ සිටියා නම්......අදත්....


සිරි පොදක් හමාවිත් සරසවි බිම පහස සොයා....
කුඩය යට මා පමනි ඔබ නොමැත තනි වෙලා....
සිත හැඩුවා මුලු පැයම ඔබෙ පහස ඉල්ලලා...
සැනසුවා බොරු කියා මගෙ හිතම මා හොරා...

පෙර දිනයෙ මා වින්දා හද ගැස්ම ලං වෙලා....
හිරි පොදය සුව දුන්නා මුමුනන්න ඔබ කරා...
අද නැතත් ඔබෙ සුවද මා හදට ලං වෙලා...
පපු පහස ඇත තාම ඔබෙ නමට වෙන් වෙලා...

සිටියා නම් ඔබත් අද මා ලගින් වැහි පොදේ...
තුරුලු වී ගුලි වෙන්න කුඩය යට සීතලේ..
සරසවිය සුර පුරකි එසේ නම් අද දිනේ...
දෙන්නෙපා ඇයට නම් මට අහිමි ඔබෙ සුවේ.... 



Wednesday, February 20, 2013

ආදරේ කටු සටහන් අපගේ ......


හදවත බිදිලා රුධිරය ගැලුවා...
ඒ පෙර දිනයේ දුකකුත් රන්දා....
ඔබගේ නාමෙන් අපගේ ආදරේ ...
ඒ ලේ බිදුවෙන් සිත තුල ලිව්වා....

එදින ඉදන් මා සිහිවන විට ඔබ....

කටු සටහන් අදිමින් මා බිදි හද තුල..
දුරහින් ඉදිමින් ඔබගේ වත දැක....
සිහිපත් කෙරුවා කදුලින් ඔබෙ පෙම..

ඔබ නැති පාලුව දැනුනා මට ඒ කල....

හැගුනා වැරැද්ද පෙර දින මා කල....
හිත පාරා ඔබෙ සියුමැලි වැඩි වුන...
පසු තැවුනා මං ගතවුන හැමවිට...

වෙන් උනමුත් ඔබ මාගෙන් සමුගෙන..

නැත ඔබ පැතුවේ වෙන පෙම් ඇසුරක...
ඔබ යලි ආ විට මාගේ තුරුලට...
ඒකයි ගත්තේ පිලිගෙන මගේ  හදින්ම.....

Wednesday, December 5, 2012

කඩුපුල් මලයි මගෙ ආදරයයි




ඇස නොගැටෙන පෙදෙසක අපේ ගෙවත්තේ...
කඩුපුල් මලක් පිපිලා අකලක හොර රහසේ....
පුදසුන අහිමි වූවත් කඩුපුල් කුමරියනේ...
දුටු බිගු රැල රොන් පිරුවද කුමරියනේ...

නොසිතු කලක නොපැතු විලස මට හමුවූ ආදරයේ........
සුවදක්වත් නොදැනී මිලින වුවත් මට නොදැනී......
පිවිතුරු පෙමක් අහිමි වුනත් මා කෙරෙහී.....
ඇය සතු කරගත් පසු වැටහිනි ආදරයේ අරුමේ.....

කඩුපුල් මලයි මගෙ ආදරයයි අද එක වගේ වීලා...

ඔබයි මමයි දෙතැනක අද තනී වීලා....
මගේ පෙමටත් අද ඔහු හද පුදසුන අහිමි වෙලා.... 
නාඩන් කුමරියනි අප දෙදෙනම අද පසු තැවිලි වෙනා...






Thursday, November 8, 2012

නම නොදන්න සෙනෙහසක්


වසරක් ගෙවී ගිහින් ........
මා ඔබෙන් වෙන් වෙලා.....
ඔබ ඈවිත් ආයෙමත්...
පුරුදු සුවද මට ලං වෙලා.....
කදුලක් ඈතත්....
පසුතෑවෙනා හිත හංගා.....
මට අහිමි ඔබේ නොව.....
ඈයට හිමි ඔබේ නමට ගලනා.......





මම මේක ලියනකොට , ඒ කියන්නෙ මීට මාස කීපයකට ඉස්සෙල්ලා... මන් ඔයාගෙන් වෙන් වෙලා හරියටම අවුරුද්දක් වෙනවා...ඒ දවස් වලදි අපි හරිම සතුටින් ඉදිය හැටි මට තාමත් මතකයි....එත් අපි දෙන්නාගෙ අදහස්,ආකල්ප කොහොම ගැලපුනත් අනාගතය ගැන හිතද්දි ලොකූ බයක් හැමතිස්සෙම මන් ගාව තිබ්බා...එහෙම හිතන හැම තිස්සෙම මන් ඔයාගෙන් තව තවත් ඈතට ගියා.....වෙලාවකට හිතෙනවා මන් නපුරු උනා වැඩිද කියලත්...එත් දැන් ඒ සිදුවීම් අතීතෙට එකතු වෙලා ඉවරයි....ඔයා ඊට පස්සෙ කීප සැරයක් ආවත් මට මුකුත් හිතා ගන්න බැ...මට තාමත් හිතා ගන්න බෑ මේ නම නොදන්න සෙනෙහස මොකද්ද කියලා...මන් තාම එකට නමක් හොයනවා...එත් ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්නත් මට බෑ...එත් මට ඕනෙත් නෑ...මන් දන්නෙත් නෑ ඒ ඇයි කියල නම්.....එත් කවදා වත් එයාගෙන් වෙන් කරන්නෙ නම් නෑ...එහෙම දවසක් ආවම මට ගොඩක් දුක හිතෙයි... මේකටද කෙල්ලො චපලයි කියන්නේ...?????????

Monday, November 5, 2012


මා පෑතු ඒ දෙනෙත කාලෙකින් හමු උනා.....

මට පුරුදු දෑසකට  ඒ දෙනෙත් හිමි වෙලා....