Tuesday, February 12, 2013

ඔහුගෙන් ඇයට....



අවිහිංසක රූපයයි   මන බදින හිනාවයි.....
දුටු දිනම සිත බැදුනා    ඒ පුංචි ඇස් දෙකට...
නැති වුවත් මිල මුදල්   අත බරින් ඇය සතුව...
නැවතුනා ඇය ඇවිත්   මා හදේ ගැඹුරේම....

දින දින ගෙවුනා    අපගේ ඇසුර තදින්....
හද හද ගැලුවා   පෙම් නදියත් දෙගොඩ තලන්....
වැටහුනා දුර බවක්   ඇය සිටින ලෝකයෙන්.....
පිටුපාලා මගේ සිතට   වෙන් උනා මා ඇගෙන්....

වෙන් වුනත් ඇගෙන් මා  සිත තාම ඇ‍ය තුරුලේ....
නොමැත තව පෙම් කුසුම්   වෙන ගතක පලදන්න...
සිහිනෙනුත් පෙනෙන්නේ   ඔබෙ රුවයි මට තාම....
පැටලුනත් ඔබේ දැත   ඔහු සුරතෙ පෙර දිනක.....


5 comments:

  1. ඔබට මා ආදරය කල බව මෙතරම්!!!! කියල සිංදුවකුත් තිබුනලු....:)

    ReplyDelete
  2. hmm hmm.....obata maa adare bawa metharam...wetahune oba wen wee giyadalu....:D

    ReplyDelete
  3. අනේ ඔන්න ඔහේ දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා කියල ඉන්න අනේ

    හී හී

    ReplyDelete
  4. ioooooo...mage experience ekak neme ane....

    ReplyDelete