Showing posts with label උපන් දිනය. Show all posts
Showing posts with label උපන් දිනය. Show all posts

Thursday, December 27, 2012

සුබම සුබ උපන් දිනයට....මගෙන් ඔන්න මටම පැතුම්...


උදුවප් මස විසි හයදා....විසි එක් වසරක් අතීතයේ.....
මං මෙලොවට ආවානේ....අම්මේ ඔබෙ කුසය තුලින්....
එදින පටන් කවා පොවා....මා දැඩිකලේ මලක් ලෙසින්....
අම්මෙ තාත්තේ ඔබමයි .....මා මෙලොවදි දුටුව දෙවින්....

සිප් සතරත් හොදින් දෙමින්....හොද දරුවෙක් කරනු රිසින්...

වෙහෙසුන හැටි හොදින් දනී..... ඔබ දෙපලගේ දෝණි ඉතින්....
නොදනිමි මා කෙලෙස ඉතින්....තුති කරම්ද එයට තුතින්.... 
විසි එක් වසරක් සපිරෙන දා...ඒ බව සිහි කරමි හිතින්...

වෙනදා මෙන් කේක් එකක්.... නොහැදුනාට අපේ ගෙදර....

පිරිවරක් සමගින් නොසැමරුවාට....උපන් දිනය....
සිහි කර මගේ පියාණන්ව...ඈත අහසේ   දිලෙන තරුව...
අම්මයි මමයි පැතුවා අද.....සසර පුරා ඔබෙම වෙන්න.....

සැවොම පතන ලෙසින් මමත්....පතමි මටත් සුබ පැතුමන්...

සිතන පතන ලෙසින් මටත්....සැම දේ ඉටු වෙවා තුටින්..
සැප සම්පත් ලැබී ඉසුරු..... දින දින ඉටු වේවා පැතුම්....
සුබම සුබ උපන් දිනයට....මගෙන් ඔන්න මටම පැතුම්...