Showing posts with label මගේ තාත්තා.... Show all posts
Showing posts with label මගේ තාත්තා.... Show all posts

Saturday, June 15, 2013

අහිමි සෙනෙහෙ......

අරලියා මල් පොකුර තනි වෙලා අද සොහොන ලග....
පෙති හැලී පරවෙලා සුසුමක අනිත බව පසදලා...
ඔබේ සුවද මුසු වෙමින් සෙමින් හල මද පවනට...
මා ලගම රැදෙනු ඇත සත්තමයි දිවි ඇති තෙක්ම...

ඔබ දුන්නු සෙනෙහසට නැත වෙනත් සම තැනක්...
ඔබෙ සුවද ඔබෙ හුස්ම දැනේ අද ඔබ ලග නැතත්...
පිය සෙනෙහෙ අහිමිමුත් විදින්නට ලං වෙලා....
සිත්පොඩියෙ ඒ සෙනෙහෙ මතකයකි සදා කල්....

නපුරු බැව් දැනේ අද මේ ලොවම විස යදම් දමාලා...
මව් සමග මුහුන දෙමි නොබියවම ඔබ ලගින් ඇති සිතා..
සිහිනයෙ රැදෙන්නට පින ඇතිව ආදරෙන් ඔබ තුරුලෙ...
සමා වී දෙනු මැනවි හෙට දිනෙත් ඔබෙ පුංචි දෝණියට ...



Friday, May 10, 2013

අවුරුදු හයක්....................

ඇදගෙන ගවුම් පොඩිත්තක්...
අල්ලා ඔබෙ සුලැගිල්ල තදින්...
පිය මැන්නා පෙර දිනක...
මතකයි විදිමින් ඔබෙ සුවද...

දුකක් දැනුන විටදි එදින...

හැඩුවා මං තුරුලුව ඔබෙ හදට...
රලු පපුවෙ ඔබෙ ගැස්ම...
අදත් සොයයි තනි වූ මා සිත...

ආසයි කිව්වා දැකගන්න මා දිනක..

කුමරකු සමග පොරුවක හිදින දින...
සතුටු කදුලු පුරවා ඔබෙ නෙත් මතම...
සමු දෙන්න පැතුවා ඔබ මට දිනක...


ඉන්නා තැනක හිද නෙත් යොමා...
දැක ගනු මැනවි ඒ දිනයත් විද සතුටා...
නොවී මෙවන් දුකක් මතු බවයක ඔබ හටදා...
පින් ලැබේවා දැක ගන්නට ඒ පැතුමා.....






ඔබ නොමැති අප අද...
සිහිකෙරුවා කදුලින් ඔබෙ ගුණ...
නැති උනත් ඔබ අප සමග...
තුති කිව්වා ඔබෙ ගැනම ආ සැවොම....


Monday, May 6, 2013

waiting for you.......dad.......need ur warmth.....

Tears come to my eyes,
but i never show to the world.......
2007 is very unlucky and  unfortunate year to me...
I lost my father as well as my love...
I see his lovely face in my dreamy world...
we are very happy in there...
I share my life with him
but I cann't exchange my ideas with him..
dear father.....
I LOVE U SOOOOOOOOOOOOOOO MUCH...........
come and kiss me.....
your little daughter is waiting for you.......

Monday, December 17, 2012

අවසර නැතුවම..........



කුලුදුල් දියනිය දීගෙක යන දා...
පෝරුව මත හිද කුමරෙකු අත ගෙන...
සිහිනෙන් මැව්වා සිහින මාලිගා...
අවසර දෙන්නට ඔබෙ පොඩි කුමරිට...

මැයි මල් පිපුනලු එකමත් දිනයක....
සිරි පොද වැටුනලු අහසත් කලු කර...
සුපුරුදු සිනාව පිපුනලු ඔබෙ මුව මත...
අප අසලට ආවයි ඔබ වෙනසක් නැතුවම....

අවසන් ගමනට යන්නට ඔබගේ....
ඇයි අපගෙන් අවසර නොම ගත්තේ...
කුමරෙකු අත ගෙන යන දින මාගේ....
කදුලක් පමනයි දැන් මට ඇත්තේ.......

ඔබ නැති ලෝකය පාලුයි මා හට....
මව් පමනයි දැන් ඉන්නේ තනියට....
එනමුත් තරහක් නෑනේ මා ලග...
අවසන් ගමනට නොකියම ගියාට.....