Monday, December 17, 2012

අවසර නැතුවම..........



කුලුදුල් දියනිය දීගෙක යන දා...
පෝරුව මත හිද කුමරෙකු අත ගෙන...
සිහිනෙන් මැව්වා සිහින මාලිගා...
අවසර දෙන්නට ඔබෙ පොඩි කුමරිට...

මැයි මල් පිපුනලු එකමත් දිනයක....
සිරි පොද වැටුනලු අහසත් කලු කර...
සුපුරුදු සිනාව පිපුනලු ඔබෙ මුව මත...
අප අසලට ආවයි ඔබ වෙනසක් නැතුවම....

අවසන් ගමනට යන්නට ඔබගේ....
ඇයි අපගෙන් අවසර නොම ගත්තේ...
කුමරෙකු අත ගෙන යන දින මාගේ....
කදුලක් පමනයි දැන් මට ඇත්තේ.......

ඔබ නැති ලෝකය පාලුයි මා හට....
මව් පමනයි දැන් ඉන්නේ තනියට....
එනමුත් තරහක් නෑනේ මා ලග...
අවසන් ගමනට නොකියම ගියාට..... 


3 comments:

  1. දෙමාපිය ආදරයට පිටුපාලා වත් ද? හරිමසංවේදී කවි පෙළක්. ආවේ නම් ගංගාවේ ගීතය හරහායි. එන්න පියුම් විල පැත්තෙත්.

    ReplyDelete
  2. නැහැ...දුවට මංගල ගමනට අවසර නොදීම...තාත්තා අවසන් ගමන් ගිහින් දුවගෙන් වත් අවසර ගන්නෙ නැතුව.... හරිම සතුටුයි ඔබගේ හදුනා ගැනීම....සාදරයෙන් සිහින් කල්පනා වලට පිලිගන්නවා.....

    ReplyDelete