Showing posts with label . මගේ අම්මා...... Show all posts
Showing posts with label . මගේ අම්මා...... Show all posts

Monday, December 24, 2012

සොදුරුම තෑග්ගක්.....


අම්මේ ඔබේ පුංචි දෝණි.... පුංචි කාලේ පුංචි කමට...
සිතුවම් කර හිත අස්සේ......නත්තල් සීයෙක් සතොසේ....
උදුවප් මස විසි හතරදා ..... නිදි දෙව්දුව තුරුලු කරන්...
සිහින මැව්වා තෑගි ගොඩක්.... අවදි වෙලා රස විදින්න....

පුංචි මගේ හිත හදුනන...අම්මේ ඔබෙ ඔය හදවත...
පුංචි දුකක්වත් නොදෙන්න....තෑගි ගොඩක් කොට්ටය යට....
හෙමිහිට ඇවිදින් රහසින්...තියා ගිහින් මට නොදැනිම...

පහු දින මා අවදි වෙලා..... රස විදිනා සද තෑගි සුවෙන්...
රහසින්හෙලමින් සුසුමක්....දෙතොල පුරා සිනහ වෙමින්....

පුංචි කාලේ එහෙම කලත්.....අද දවසේ ඒ තෑග්ග....
වෙනස් කරලා වටිනාකම.... මිහිපිට මා මෙතෙක් ලැබු...
පුදුම කරලා මා සතුටින්...ලැබුනා මට අද ඔබගෙන්....

අම්මේ ඔබේ දුව ඔබගෙන්...ඉල්ලමි තව එක පැතුමක්....
සසර පුරා මගේම මව් වී...සසර කතර එතෙර වෙන්න.....