Monday, June 17, 2013

මසකි සඳ ඇවිත් නුබ.....



ඔබේ උනුසුමේ රැදෙන්නට වරම්...
ලැබුනදා සොදුරුම කවියක්ය මට....
එදා සිට ගෙවෙන හැම  තත්පරයක්....
හද ගැහුනා ඔබෙ නමට පුද දෙන්න බැතින්...

දිවි මං තලාවේ සුන්දර සිතුම් පැතුම්...
ඔබ හා දැන් කැටයම් කරමි නිතින්...
සැමදා ඉන්න ඔබ තුරුලෙම තුරුලු වෙමින්...
පුංචි කෙල්ල පණ දී ඇත නුබේ නමින්...

දින ගෙවී මසක් සපිරුනා අද දින...
සුන්දරම දින ගෙවුනි මා දිවිය මත....
ඇස් වහක් නොවැදී මතු දිනය සුබ....
බුදු සරණින් සුරකේවා අප ඇසුර...


Saturday, June 15, 2013

අහිමි සෙනෙහෙ......

අරලියා මල් පොකුර තනි වෙලා අද සොහොන ලග....
පෙති හැලී පරවෙලා සුසුමක අනිත බව පසදලා...
ඔබේ සුවද මුසු වෙමින් සෙමින් හල මද පවනට...
මා ලගම රැදෙනු ඇත සත්තමයි දිවි ඇති තෙක්ම...

ඔබ දුන්නු සෙනෙහසට නැත වෙනත් සම තැනක්...
ඔබෙ සුවද ඔබෙ හුස්ම දැනේ අද ඔබ ලග නැතත්...
පිය සෙනෙහෙ අහිමිමුත් විදින්නට ලං වෙලා....
සිත්පොඩියෙ ඒ සෙනෙහෙ මතකයකි සදා කල්....

නපුරු බැව් දැනේ අද මේ ලොවම විස යදම් දමාලා...
මව් සමග මුහුන දෙමි නොබියවම ඔබ ලගින් ඇති සිතා..
සිහිනයෙ රැදෙන්නට පින ඇතිව ආදරෙන් ඔබ තුරුලෙ...
සමා වී දෙනු මැනවි හෙට දිනෙත් ඔබෙ පුංචි දෝණියට ...



Wednesday, May 29, 2013

කුළුදුල් හැගුම් කුළුදුල් පැතුම්....


උණුහුම දැනෙද්දී ඔබෙ උණුසුම් උර මඩලේ....
විදිමින් සිනිදු මුව මඩලෙන් මා රිසි සේ...
නෙත් දෙක පියා සැගවෙන්නට ඔබ තුරුලේ...
කල පිං බොහො විනැයි සිතුනිද ඒ මොහොතේ....

වැහි පොද වැටෙද්දී හෙමිහිට අප සිඹිමින්...
මල් වරුසා වැටුනා මෙන් විය සිත් අහසේ....
හදගැස්මේ තාලයටම ඔබෙ රළු පපුවේ....
මා සිත ගැස්සුනා ඔබ වෙත තව තුරුළු වෙමින්....

නොසිතූ මොහොතකම මා ඔබගෙන් එවැනි හැගුම්...
උණුහුම වින්දා ඔබ  මා සුරතේ තුරුළු කරන්...
කුළුදුල් හැගුම් කුළුදුල් පැතුම් විදගන්නට පැතූ ලෙසින්...
මතු දිනයෙදි ලැබේවා මා ඔබෙම කරන්... 



Thursday, May 23, 2013

මගේ සඳ ඔබයි මගෙ ආදරේ....


වදනින් ගොනු නොවන....
හදවතේ ආත්මීය බැදුම...
සසර පැතුම මටම හිමි වුන.....
තරිදාණන් ඔබයි මා ලොවට....
සදා සෙනෙහෙ රැකුම දෙන.......






Thursday, May 16, 2013

මිතුදමින්...හදවතින්.....


මල් වැටුන මල් පාරේ ඇවිද අප මිතුදමින්...
පෙර දිනයෙ පියමැන්නා ඔබ සමග ලං වෙලා.... 
හදවතින් ඉඩ පැතුවා නවතින්න ඔබ ඇවිත්...
අසරනයි මා තවත් ඔබෙ දෑස සිහි වෙලා...

දෙගුරුන්ගෙ අවවාද මුල්කොටම සලකලා...
පැතුවා අපි ඔවුන්ගෙන් දෙනු මැනවි කියාලා...
තනි කලා ඇගෙ දෙසුම මා ලොවම කදුලකින් තෙමාලා....
නැත කිසිම තෙත් බවක් ඇගෙ මුවහි රැදීලා.... 


Monday, May 13, 2013

හදට දැනුන මිතුදමක්....





හඩන්නට නෙතු පියන් යදින විට....
නොහඩා ඉන්න මුලු ලොවට දකින්නට....
සිනා ගගක් මුවට කැදවා...
දුන්නෙ ඔබයි දිරිය සිතට.....

හැඩුනා නම් එවෙලේ මා නෙතු...
නොහැක සනසන්න කිසිවෙකුට... 
මිතුදමේ ගුණ සුවද...
දැනුනා මට ඔබෙන් විහිද......

Friday, May 10, 2013

අවුරුදු හයක්....................

ඇදගෙන ගවුම් පොඩිත්තක්...
අල්ලා ඔබෙ සුලැගිල්ල තදින්...
පිය මැන්නා පෙර දිනක...
මතකයි විදිමින් ඔබෙ සුවද...

දුකක් දැනුන විටදි එදින...

හැඩුවා මං තුරුලුව ඔබෙ හදට...
රලු පපුවෙ ඔබෙ ගැස්ම...
අදත් සොයයි තනි වූ මා සිත...

ආසයි කිව්වා දැකගන්න මා දිනක..

කුමරකු සමග පොරුවක හිදින දින...
සතුටු කදුලු පුරවා ඔබෙ නෙත් මතම...
සමු දෙන්න පැතුවා ඔබ මට දිනක...


ඉන්නා තැනක හිද නෙත් යොමා...
දැක ගනු මැනවි ඒ දිනයත් විද සතුටා...
නොවී මෙවන් දුකක් මතු බවයක ඔබ හටදා...
පින් ලැබේවා දැක ගන්නට ඒ පැතුමා.....






ඔබ නොමැති අප අද...
සිහිකෙරුවා කදුලින් ඔබෙ ගුණ...
නැති උනත් ඔබ අප සමග...
තුති කිව්වා ඔබෙ ගැනම ආ සැවොම....