Saturday, June 15, 2013

අහිමි සෙනෙහෙ......

අරලියා මල් පොකුර තනි වෙලා අද සොහොන ලග....
පෙති හැලී පරවෙලා සුසුමක අනිත බව පසදලා...
ඔබේ සුවද මුසු වෙමින් සෙමින් හල මද පවනට...
මා ලගම රැදෙනු ඇත සත්තමයි දිවි ඇති තෙක්ම...

ඔබ දුන්නු සෙනෙහසට නැත වෙනත් සම තැනක්...
ඔබෙ සුවද ඔබෙ හුස්ම දැනේ අද ඔබ ලග නැතත්...
පිය සෙනෙහෙ අහිමිමුත් විදින්නට ලං වෙලා....
සිත්පොඩියෙ ඒ සෙනෙහෙ මතකයකි සදා කල්....

නපුරු බැව් දැනේ අද මේ ලොවම විස යදම් දමාලා...
මව් සමග මුහුන දෙමි නොබියවම ඔබ ලගින් ඇති සිතා..
සිහිනයෙ රැදෙන්නට පින ඇතිව ආදරෙන් ඔබ තුරුලෙ...
සමා වී දෙනු මැනවි හෙට දිනෙත් ඔබෙ පුංචි දෝණියට ...



No comments:

Post a Comment