Friday, May 3, 2013

ඔබ සිටියා නම්......අදත්....


සිරි පොදක් හමාවිත් සරසවි බිම පහස සොයා....
කුඩය යට මා පමනි ඔබ නොමැත තනි වෙලා....
සිත හැඩුවා මුලු පැයම ඔබෙ පහස ඉල්ලලා...
සැනසුවා බොරු කියා මගෙ හිතම මා හොරා...

පෙර දිනයෙ මා වින්දා හද ගැස්ම ලං වෙලා....
හිරි පොදය සුව දුන්නා මුමුනන්න ඔබ කරා...
අද නැතත් ඔබෙ සුවද මා හදට ලං වෙලා...
පපු පහස ඇත තාම ඔබෙ නමට වෙන් වෙලා...

සිටියා නම් ඔබත් අද මා ලගින් වැහි පොදේ...
තුරුලු වී ගුලි වෙන්න කුඩය යට සීතලේ..
සරසවිය සුර පුරකි එසේ නම් අද දිනේ...
දෙන්නෙපා ඇයට නම් මට අහිමි ඔබෙ සුවේ.... 



4 comments:

  1. මට මතක් වෙන්නෙ අර සිංදුව

    මන්දාරම්...අඳුර මැදින්.....

    මම අදයි මේ කවි දැක්කෙ නංඟි...

    ReplyDelete
  2. අනේ මංදා මොනවද කියල මේවා....මට වත් තේරෙන්නෙ නෑ..... :P

    ReplyDelete
  3. තේරේ කල් යයි කියනවනෙ නඟේ

    ReplyDelete