Monday, June 17, 2013

මසකි සඳ ඇවිත් නුබ.....



ඔබේ උනුසුමේ රැදෙන්නට වරම්...
ලැබුනදා සොදුරුම කවියක්ය මට....
එදා සිට ගෙවෙන හැම  තත්පරයක්....
හද ගැහුනා ඔබෙ නමට පුද දෙන්න බැතින්...

දිවි මං තලාවේ සුන්දර සිතුම් පැතුම්...
ඔබ හා දැන් කැටයම් කරමි නිතින්...
සැමදා ඉන්න ඔබ තුරුලෙම තුරුලු වෙමින්...
පුංචි කෙල්ල පණ දී ඇත නුබේ නමින්...

දින ගෙවී මසක් සපිරුනා අද දින...
සුන්දරම දින ගෙවුනි මා දිවිය මත....
ඇස් වහක් නොවැදී මතු දිනය සුබ....
බුදු සරණින් සුරකේවා අප ඇසුර...


1 comment:

  1. මොහොතින් මොහොත දින සති වී ගෙවුන ලෙස
    මාසෙන් මාසෙ අවුරුද්දක් වේවි හෙට
    අවුරුදු එකතුවී බෝකල් තුටින් ඉඳ
    සෙනෙහස වැඩී පරිණත වෙන්නයි පැතුම.....

    Sorry 4 D late cmnt nangi

    ReplyDelete