Monday, December 31, 2012

ඔබ සැම හට පින්බර නව වසරක් වේවා....


සුපැතුම් ගලයි ඊයේ සිට මට වැඩියෙන්.....
සතුටක් මෝදු වෙයි සිත් අහසින් සිනා බරින්....
සිහි වෙන විට මා අමතක නොවුනු බවින්...
අවුරුද්දම සුබ වෙතියැයි සිතමි සිතින්....

දෙදසස් දොලහ අවුරුද්දත් නොදැණීම....
ගෙවී ගිහින් වෙනසක් නැතිවම අරුම...
දෙදහස් දහතුනත් ඇවිදින් සිතු සේම...
පා නගමි එයට ඔබ සමගින් අද සේම.....

සිතන පැතුම් ඉටු වී සිරි සැප දේවා...
නිරෝගි සුව වැඩි වී ආයුශ වැඩි වේවා....
යහපත් සිතුම් සිත් තුල තව වැඩි වේවා...
ඔබ සැම හට පින්බර නව වසරක් වේවා.... 


1 comment:

  1. හිතේ තියන හැමප්‍රාර්ථනාවක්ම සාර්ථකව ඉටුකරගන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබෙන වාසනාවන්ත නව වසරක් ඔයලාටත්

    ReplyDelete