Friday, November 16, 2012

වදන් නොමැති හැගුමක්.....


බස් රථ වල සුවදකූරු විකුන්නේ දුවේ.....
එදා වේල අඩු නෑතුවම ඔබට දෙන්න දුවේ...
මාල වලලු රන් පාටින් නොදිලුනාට ගතේ...
තාමත් නුබ හැඩකාරලු අන් අය මට  කියනු ඇසේ...

අඳ මවුනගේ සෙනෙහෙ කැළ්ම අහිමි උනත් දුවේ....
එදින ඉදන් අඳ පියාගේ කනවැල වූ දුවේ....
තරුණ බඹරු ඉගි කෙරුවත් ඔබ හට මගෙ දුවේ...
පෙම් ගී වැල්  මියැදි ගියේ මේ තාත්ත නිසාද මගේ දුවේ...


අප විකුනන සුවද කූරු බුදු සාදුට දැල්වුවාම දුවේ....
බුදු සාදුත් අපි දිහාට දෙනෙත් යොමයි දුවේ....
එපින් බලෙන් අප තිදෙනම අනුමොදම් වී දුවේ..
සසර දිනක අප දෙදෙනට නුබ පෙනීයන් දුවේ.....



2 comments:

  1. hmmm Sinhalen type karanna no time :S

    Sanwedi mathrukawak.. hmm eyalata aththatama danena dewal koi wage athida :(

    ReplyDelete
  2. aniwa...kiyaganna beruwa koi tharam widawanawa athida :((((

    ReplyDelete